හොර පාරෙන් රැගෙන ආ කැලෑ බළලා

ජූලි 07, 2024
    අප්‍රිකානු කැළෑ බළළෙකු ( African Serval Cat ) නිසි අවසරයකින් තොරව රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබෙනවා.

    සයිටෙස් ( S.I.T.E.S.) සම්මුතිය මගින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම කැළෑ බලළා , ශ්‍රී ලංකාවේ "හදුන් දිවියාට" සමානකම් දක්වයි.

    යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම සත්ව විශේෂය සුරතලයට ඇති කරන අතර ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුමක් ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීහු පවසනවා.
    මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම අප්‍රිකානු කැළෑ බළළා මෙරටට රැගෙනවිත් ඇත.

    Latest News