රුසියානු හමුදාව නැගෙනහිර යුක්රේනයේ "වූ ලෙඩර්" නගරය අත්පත් කරගෙන තිබෙනවා.
කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති මෙම නගරය උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් බව සඳහන්.
නැගෙනහිර යුක්රේනයේ " වූ ලෙඩර්" නගරය, යුක්රේන හමුදාවේ නැගෙනහිර සහ දකුණු යුද පෙරමුණු සඳහා සැපයුම් කෙන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කරනවා.
රුසියානු හමුදාව එහි බලය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමෙන් පසු, යුක්රේන හමුදාව සිය භට කණ්ඩායම් සහ යුධෝපකරණ ද ඉවත් කරගෙන ඇති බව වාර්තා වනවා.
මෙම නගරය අත්පත් කර ගැනීම, යුක්රේන හමුදාව සැලකිය යුතු ලෙස පසුබට කරන්නක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.