රුසියානු මිසයිලයට බිලි වූ මිනිස් ජීවිත

සැප් 04, 2024
    මධ්‍යම යුක්‍රේනයේ පොල්ටාවා නගරයට රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය පිරිස 51 දක්වා ඉහළගොස් තිබෙනවා.
    271 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    හමුදා පුහුණු පාසලකට සහ රෝහලකට මිසයිල ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

    ඉන් තම හමුදා සාමාජිකයන් මිය ගිය බව ය්‍රක්‍රේන හමුදාව තහවුරු කළා.

    එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වුවද, ඉන් බේරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවයි.

    යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රහාරය තරයේ හෙලා දැක තිබෙනවා.

    ඔහු බටහිර නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, තම රටේ ගුවන් ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය ආරක්ෂක පද්ධති ලබාදෙන ලෙසයි.
    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2024 09:25

    Latest News