බිම හෙලූ රුසියානු යානය

ඔක් 23, 2024
    රුසියානු කාර්ය මණ්ඩලය සමඟ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් සුඩානයේ ඩාර්ෆූර්හිදී බිම හෙලූ බවට පළවූ වාර්තා පිළිබඳව විමර්ශනය කරන බව සුඩානයේ රුසියානු තානාපති කාර්යාලය පවසනවා.

    රුසියාවේ නිෂ්පාදිත ඉලියුෂින් ඉල්-76 යානයක් ලෙස හඳුනාගෙන ඇති මෙම ගුවන් යානය එල්- ෆාෂර් නගරයට උපකරණ සහ ඖෂධ ලබා දීමේ මෙහෙයුමක යෙදී සිටි බව විදෙස් මාධ්ය වාර්තා කර සිටිනවා.

    ආර්. එෆ්. එස් ලෙස හැඳින්වෙන සුඩානයේ කැරලි කණ්ඩායම යානාව සිවිල් වැසියන්ට බෝම්බ හෙලූ බවට චෝදනා කරමින් නිවේදන කර කියා සිටියේ සිවිල් ඊජිප්තු හමුදාව විසින් පියාසර කරන ලද රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක් බිම හෙලූ බවයි.
     
    සුඩාන හමුදාවට හමුදා සහාය ලබා දුන් බවට එල්ල වන චෝදනා ඊජිප්තුව ප්රතික්ෂේප කර තිබෙනවා.
     
    ආර් එෆ් එස් නමින් හැදින්වෙන කැරලි කණ්ඩායම සහ සුඩාන හමුදාව අතර වසරකට වැඩි කලක් යුද ගැටුමක් පවතින අතර සුඩාන පවතින සිවිල් යුද්දය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ පනස් දහසකට වැඩි සංකාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
     
    එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව මිලියන 10 කට අධික ජනතාවකට අවතැන් වී ඇති බවයි.
     
    සුඩානයේ රුසියානු තානාපති කාර්යාලය පැවසුවේ අනතුර සහ යානයේ සිටි අය පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කිරීම සඳහා සුඩාන හමුදාව ප්රමුඛ රජය සමඟ සම්බන්ධීකරණය කරන බවයි.
     
    සුඩාන් ට්රිබියුන් ප්රවෘත්ති වෙබ් අඩවියට අනුව, සුඩාන ජාතිකයින් තිදෙනෙකු සහ රුසියානුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් අනතුරින් මිය ගොස් තිබෙනවා.

    Latest News