නොනවතින යුද්ධයක්

ඔක් 21, 2024
    ලෙබනනයේ බේරූට් සහ දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහය දක්වන බවට හඳුනා ගත් මූල්‍යමය ස්ථාන කිහිපයකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
    ඉන් ජීවිත හානි සිදු වී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
    හිස්බුල්ලා සංවිධානයට සහය දක්වන බැංකු සහ අනෙකුත් මූල්‍යමය ආයතන හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර සැලසුම් කර ඇති බවට මීට පෙර නිවේදනය කෙරුණා.
    ඒ අනුව, බේරූට් හි ප්‍රදේශ 14 ක් ඇතුළුව, ලෙබනනයේ ප්‍රදේශ 25 ක් වෙත ඉකුත් රාත්‍රිය පුරා ප්‍රහාර සිදු කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
    ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියල් හගාරි ඊයේ සවස ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, හිස්බුල්ලා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් අරමුදල් සපයන ස්ථාන ආශ්‍රිතව සිටින ඕනෑම පුද්ගලයෙකු එම ස්ථානවලින් වහාම ඉවත් විය යුතු බවයි.
    එම ස්ථාන ඉලක්ක කොට ප්‍රහාර කඩිනමින් ක්‍රියාත්මක කරන බවට ඔහු දැනුම් දුන්නා.

    Latest News