චීනය හැඩ කරන සරත් සෘතුව

ඔක් 21, 2024
    චීන සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගනිමින්, සරත් සෘතුවේ චීනය පුරා ඇම්බර් සහ රන්වන් පැහැයෙන් යුත් දර්ශනීය ශාක දැකිය හැකි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මෙම දසුන් නැරඹීමට චීන ජාතිකයින් මෙන්ම, විදෙස් සංචාරකයින්ගේ ද දැඩි උද්ද්‍යෝගයක් පවතින බවයි, වාර්තා වන්නේ.

    බඩාලින්ග් මහා ප්‍රාකාරය සහ සියැං ශාන් උද්‍යානය ඇතුළු බෙයිජින් නගරයේ දර්ශනීය ස්ථාන රැසක දීප්තිමත් ඇම්බර් වර්ණයෙන් යුත් ශාක දක්නට ලැබෙනවා.
    පළාත් පාලන ආයතන සංචාරක මාර්ග ප්‍රවර්ධන කටයුතු කිරීමට බලධාරීන් වැඩි නැඹුරුවක් ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
    එමගින් සංචාරකයින්ට සිත් ඇදගන්නා සරත් සෘතුවේ චමත්කාරය සම්පූර්ණයෙන්ම වැලැඳ ගැනීමට ඉඩ සැලසීම සිදු කරයි.
    වයඹදිග චීනය තුළ වර්ග 18 කට වඩා වැඩි නේපල් ශාක හෙක්ටයාර 17,600 කට වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන බවයි, උද්‍යාන බලධාරීන් කියා සිටියේ.
    සරත් සෘතුව තුළ සංචාරකයින් මිලියන 5 කට ආසන්න සංඛ්‍යාවක් මෙ දර්ශනීය දසුන් නැරඹීමට එක් වනු ඇතැයි, බලාපොරොත්තු වෙයි.

    Latest News