උතුරෙ සෙබළුන් ගැන දකුණෙන් රුසියාවට නියෝගයක්

ඔක් 22, 2024
    රුසියාවේ හමුදා පුහුණුව ලබන උතුරු කොරියානු සෙබළුන් වහාම ඉවත් කරන ලෙස දකුණු කොරියාව රුසියාවට දැනුම් දී තිබෙනවා.

    දකුණු කොරියානු උප විදේශ අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ රුසියානු තානාපති ජෝර්ජි සිනෝවියේව් සමග පැවති සාකච්ඡාවකදී.

    සෝල් ඔත්තු සේවයට අනුව උතුරු කොරියානු විශේෂ බලකායේ සෙබළුන් ඇතුලු උතුරු කොරියානු සොල්දාදුවන් 1500 ක් පමණ මේ වනවිට රුසියාව තුළ යුද පුහුණුවේ නිරතව සිටින බව අනාවරණය වී තිබෙනවා.
    එම සෙබළුන් වහාම ඉවත් කිරීමට රුසියාව පියවර නොගතහොත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ඔස්සේ ක්‍රියාකරන බව දකුණු කොරියාව අනතුරු අඟවා තිබෙනවා.
    රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව හා උතුරු කොරියාව අතර පවතින සහයෝගිතාව ජාත්‍යන්තර නීතියට අනුකූල බවයි.

    Latest News