සෞදි අරාබි රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කරන ලදී.
මෙම ප්‍රදර්ශනය අවසාන දිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතන නියෝජිත පිරිස සමඟ ප්‍රතිපෝෂණ සැසියක් පැවැත්වීය.
එම අවස්ථාව අමතමින් තානාපති අමීර් අජ්වාඩ් මහතා, රාජධානියේ 2030 දැක්ම න්‍යාය පත්‍රය යටතේ ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රම බලකාය සඳහා සෞදි අරාබියේ උදාවන ශ්‍රම වෙළඳපොළ අවස්ථා පිළිබඳව අවධාරණය කළ අතර, මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා මිනිස්බල බඳවා ගැනීමේ නියෝජිතායතන වෙතින් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ සෞදි අරාබියේ ටකමෝල් හෝල්ඩිංග්ස් (Takamol Holdingd of Saudi Arabia) අතර අත්සන් කරන ලද නිපුණතා සත්‍යාපන ගිවිසුම යටතේ රැකියා සඳහා පුහුණු ශ්‍රම කාණ්ඩ 23ක් සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණූ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ලිහිල් කිරීම සහ සෞදි ශ්‍රම වෙළඳපොලේ වෘත්තීය නිපුණතාවයක් සහිත සේවක සංඛ්‍යාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම ගිවිසුම ප්‍රයෝජනයට ගන්නා ලෙසත් තානාපතිවරයා ශ්‍රී ලංකා මිනිස්බල බඳවා ගැනීමේ නියෝජිතායත දිරිමත් කරමින් ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර කම්කරු සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධව රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සකස් කරනු ලබන ක්‍රියාකාරී සැලැස්ම සඳහා තම දායකත්වය ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවට ප්‍රතිපෝෂණ සැසියක් ද ඇතුළත් විය.
රාජධානියේ විශාලතම මානව සම්පත් සහ බඳවා ගැනීමේ සමාගම් සහ පුළුල් පරාසයකින් යුතු ජාත්‍යන්තර නියෝජනයක් සහිත යුරෝපීය, ආසියානු සහ අප්‍රිකානු රටවල ශ්‍රම සේවා නියෝජිතයන් මෙම ජනප්‍රිය එක්ස්පෝ ප්‍රදර්ශනය නියෝජනය කරන ලදී.
එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගිවූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදේශ රැකියා බඳවා ගැනීමේ නියෝජිතායතන නියෝජිතයන් සමඟ B2B රැස්වීම් වල නිරත විය.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රමෝපාය සහ බලපත්‍ර) බී.ඒ රෝහිණී මෙනවිය සහ වැඩබලන කළමනාකාර (අලෙවි) ඊ.ඒ.පී.එම්. දේවසුරේන්ද්‍ර මෙනවිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නියෝජනය කරමින් ප්‍රදර්ශනයට සහභාගී වූ අතර රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා සහ කම්කරු සුබසාධන උපදේශක ආර්.කේ.කේ.එම්.පී. රන්දෙණිය මහතා විසින් සෞදි මානව සම්පත් සහ මෑන්පවර් එක්ස්පෝ -2024 සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසගේ සංචාරය සම්බන්ධීකරණය කරන ලදී.