පාසලේ 4ක් මරු වෙත යැවූ වෙඩිල්ල

සැප් 05, 2024
    අමෙරිකාවේ ජෝර්ජියාහි උසස් පාසලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

    14 හැවිරිදි පාසල් දරුවන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඊට අයත් බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්.

    වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇත්තේ 14 හැවිරිදි සිසුවෙකු විසින්. ප්රහාරයෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
     
    විදෙස් මාධ්ය සඳහන් කරන්නේ ඉන් අට දෙනෙකුම පාසල් දරුවන් බවයි . වෙඩි තැබීම සිදුකළ කෝල්ට් ග්රේ නැමති සිසුවා විදුහල පරිශ්රයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    ජෝර්ජියා පොලීසිය පවසන්නේ ඔහු වැඩිහිටියෙකු ලෙස සලකා නීතිය ක්රියාත්මක කරන බවයි. මෙම සිසුවා පිළිබදව ඉකුත් වසරේදී අමෙරිකානු රහස් පොලීසිය විසින් අනතුරු ඇගවීම් සිදුකර ඇති බවද වාර්තා වනවා.
     
    ඒ පාසල තුළදී වෙඩි ප්රහාරයක් සිදුකරන බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජන එල්ල කර තිබීම සම්බන්ධයෙන්.
     
    කෙසේවුවද අදාළ අංශ එම අනතුරු ඇගවීම් නොසලකා හැර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නැහැ.

    Latest News