රත්මලානේ වෙඩි තැබීමක්

ඔක් 23, 2024
    අද (23) අලුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

    දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරී යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

    එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
    එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් පළා ගොස් තිබෙනවා.
    සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Latest News