උතුරුදිග ඉන්දීය ප්‍රාන්තයක් වන රාජස්ථාන්හි චූරු ප්‍රදේශයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 50.8ක් ලෙසයි. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද කාලගුණ බලධාරීන් පියවර ගෙන තිබේ.
ලොව, උණුසුම්ම ස්ථාන 15න්, ඉන්දීය නගර 7ක් එල් ඩොරාඩෝ වෙඩි අඩවිය ඊයේ පළ කළ ලේඛනයට ඇතුළත්. මෝසම් වර්ෂාව ප්‍රමාදවීමක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී ද අධික උෂ්ණ කාලගුණය පවතිනු ඇති බවයි, ඉන්දීය කාලගුණ බලධාරීන් පවසන්නේ. අධික උෂ්ණත්වයෙන් පීඩා විඳින නගරවල ජලය බෙදා හැරීම සඳහා ස්වෙච්ජා සේවකයන් ක්‍රියා කරයි.