චෙන්නායි ජල අර්බුදය උග්‍ර අතට

ජූලි 08, 2019

    ඉන්දියාවේ චෙන්නායි නගරයේ ජල අර්බුදය තවමත් උග්‍රවී තිබේ. දිගින් දිගටම වර්ෂාව රහිතවීම ඊට හේතුවයි.

    චෙන්නායි නගරවාසීන් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජලය ලබාගැනීම ඉතා අසීරු කටයුත්තක් බවට මේ වන විට පත්ව තිබේ. පොදු ජල කරාමවල ඉතා දිගු පෝලිම් දක්නට ලැබෙන අතර රජය විසින් ජලය බෙදා හැරීමට ද සලාක ක්‍රමයට සිදු කරනු ලැබේ.

    මෙය ඉන්දියාවේ විශාලතම දීර්ඝ කාලීන ජල අර්බුදය බවට ඇතැම් විශ්ලේෂකයෝ පවසයි. ඔවුන් ඊට හේතුව බවට පත්වන්නේ චෙන්නායිහි ඉවක් බවක් නොමැතිව තෙත්බිම් ගොඩකිරීම හා අක්‍රමවත් සංවර්ධනයයි.1980 සිට 2010 දක්වා කාලය තුළ චෙන්නායි නගරයේ ගොඩනැගිලිවලින් වටවූ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 47 සිට 402 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම නගරයේ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 186 සිට 71 දක්වා පහත වැටී තිබේ. මේ නිසා චෙන්නායි නගරයට මෙම ඉරණම අත්වී ඇති බවයි විද්වතුන් පවසන්නේ.

    Last modified on සදුදා, 08 ජූලි 2019 09:40

    Latest News