කාලගුණය කැළඹෙයි.. 200mm ඉක්මවූ වැසි

ඔක් 11, 2024
    දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 200ට ඉතා වැඩි තද වැසි ඇතිවිය හැකිය.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     

    Latest News