අයහපත් කාලගුණයෙන් පවුල් 30,000කට බැට

ඔක් 13, 2024
    අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්, දිස්ත්රික්ක 12 ක පවුල් 30,000 කට ආසන්න සංඛ්යාවක් බලපෑමට ලක්ව ඇති බව, ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා.
    118000 ක පිරිසක් ඊට ඇතුළත්.
     
    ජල ගැලීම්, අධික සුළං සහ ගස් කඩාවැටීම් මීට හේතුවයි.
     
    අවතැන් වූ ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
    සඳහා වෙන් කර ඇති මුදල, රුපියල් කෝටි 5 ක්.
     
    පවුල් 1717 කට අයත් 6900 කට ආසන්න පිරිසක් සුරක්ෂිත මධ්යස්ථාන 80 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා. වාර්තා වී ඇති නිවාස අර්ධ හානි සංඛ්යාව 334 ක්.
     
    ඊයේ මධ්යම රාත්රි සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පීඩාවට පත් පවුල් 10,063 ක් වාර්තා වුණා. 37,100 කට අධික සාමාජිකයින් පිරිසක් එම පවුල්වලට ඇතුළත්.
     
    ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්යම සහ උතුරු යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
     
    වර්ෂාවෙන් දැනට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, කළුතර, ගම්පහ සහ කොළඹ යන දිස්ත්රික්කවලටයි.
     
    කැළණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම පහළ යමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News