කතරගම දෙවියන් අපේක්ෂා රෝහලට දුන් තෑග්ග

සැප් 03, 2024
    රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණා.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල එම වාට්ටු සංකීර්ණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 150ක් පමණ වනවා.

    පිළිකා රෝගයෙන් පීඩා විඳින මෙරට ළමා රෝගීන් සඳහා ප්‍රතිලාභ ලැබිය හැකි ලෙස මහල් 4කින් සමන්විත අංග සම්පූර්ණ මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව රෝගී දරුවන් 70කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබෙනවා.
    රෝගී දරුවන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම වාට්ටු සංකීර්ණය විවෘත කරන බවයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර පැවසුවේ.

    Latest News