රටපුර ඖෂධහල් දැන් දිනපතා විවෘතයි

අප්‍රේ 10, 2020

    දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක හා සම්පූර්ණ නිරෝධායනයට යටත්කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලු ඖෂධහල් පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තැබේ.

    මෙම පියවර ගෙන ඇත්තේ, අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනූවයි.

    ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් (සම්පූර්ණ නිරෝධායන ප්‍රදේශවල හැර) මීට පෙර පැවති ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන ඇනවුම් මඟින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සැලැස්වීමට පියවර ගනු ලැබේ.

    මේ දිනවල රට පුරා පනවා ඇති ඇඳිරිනීති තත්වයට බලපෑමක් ඇති නොවන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා රජය විසින් මෙම පියවර ගෙන තිබේ.

     

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 17:09

    Latest News