22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනේ. එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.  එහි දැක්වෙන්නේ, සං‍ශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

Latest News