තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

සැප් 04, 2024
    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව අද දිනයේ දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්යෙෂ්ඨ සහ නියෝජ්ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

    අද දිනයට අමතරව අදාල ස්ථානවල අද දින සිට ලබන 6 වන දින දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2024 08:36

    Latest News