දෙහිවල වෙඩි තැබීමක් පුද්ගලයෙකු මරුට

සැප් 20, 2024
    දෙහිවල ප්‍රදේශයේදී අද (20) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් අද අලුයම 6.40ට පමණ දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණා.

    එහිදී තුවාලකරුගේ දකුණු උරහිස අසලට වෙඩි ප්‍රහාර 02ක් එල්ලවී ඇති අතර, ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකු බවයි වාර්තා වන්නේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 10:27

    Latest News