මෙය රටක් වශයෙන් අප ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බවත්, මේ ලජ්ජාව අප කරා රැගෙන එන්නේ වසර 72 ක දේශපාලන ක්‍රමය බවත්, රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ තත්ත්වය වහා වෙනස් කරගැනීමට අප කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ අදහස් පළ කළේ, පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සමස්ත ලංකා දෙවැනි ජාතික භාෂා තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
ලෝකයේ දියුණු වූ රටවල රහස ජාතියක් විදියට එක්ව කටයුතු කිරීම බවත්, ලක්ෂ 45ක් ඉක්මවූ අපේ රටේ දරුවන් දක්ෂ දරුවන්, අදක්ෂ දරුවන් යැයි වර්ග නොකර සියලු දරුවන් රටට සම්පතක් බවට පත්කරගැනීමට අධිෂ්ඨාන කරගතයුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
එමෙන් ම භාෂා භාවිතයේ දී අනෙකාට රිදෙන විදිය, සිනමාව, සාහිත්‍යය, කලාව තුළත් විශේෂයෙන් ම මාධ්‍ය භාවිතයේදීත් අවබෝධකර ගතයුතු බව ද දැනුවත් ව හෝ නොදැනුවත් ව සුලු ජාතීන්, අන්‍යාගමිකයින් වැනි වදන් භාවිතය කිසිසේත් අනුමත නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සිංහල ළමුන් දෙමළ භාෂාව ද දෙමළ ළමුන් සිංහල භාෂාව පිළිබඳව ද විෂය මාලාව යටතේ අවධානය යොමු කරමින් දෙවන භාෂා ඉගෙනුම සඳහා අවකාශ සලසා දෙමින් ඔවුන් අතුරින් දෙවන ජාතික භාෂාව පිළිබඳ විශේෂ දක්ෂතා පෙන්වන දරුවන් ඇගයීම වසරක් පාසා පවත්වනු ලබන මෙම තරගාවලියේ මූලික අරමුණයි.
භාෂා භාවිතය හා අවබෝධය,කියවීම, කථික සහ පද්‍ය ගායනා ඉසව් ඔස්සේ තරගකරුවන් ඇගයීමට ලක්කෙරෙන අතර, පාසල්,කලාප,පළාත් මට්ටමෙන් මෙම තරග පවත්වා ජයග්‍රාහී සිසුන් දෙදෙනෙකු බැගින් සමස්ත ලංකා මට්ටමට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ට පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරේ.
මෙවැනි ජයග්‍රාහී ස්ථාන ලබාගත් සිසුන් 120 ක් (සිංහල මාධ්‍ය සිසුන් 60ක් හා දෙමළ මාධ්‍ය සිසුන් 60) සඳහා මෙවර සම්මාන ලබා දීම සිදු කෙරිණි. මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.