වැලිමඩ හා ඌව පරණගම නාය අවධානමක්: නිවැසියන් ආරක්ෂිත ස්ථානයන්ට

දෙසැ 21, 2019

    වැලිමඩ හා ඌව පරණගම පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නාය අවධානමට ලක් වු පවුල් 57 ක පුද්ගලයින් 255 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

    අවතැන් කදවුරුවල සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිමට පියවර ගෙන ඇතැයි පැවසු වැලිමඩ ප‍්‍රාදේශිය ලේකම් චමින්ද වීරසිංහ මහතා පවසයි.

    වැලිමඩ පොලිසිය හා ප‍්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගෙන බැකෝ යන්ත‍්‍ර යොදා කඩා වැටී ඇති පස් කදු ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

    ප‍්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග අධික මීදුම් තත්වයන් විටින් විට ඇති වන බැවින් ප‍්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනයේදී වඩාත් විමසිලිමත් වන ලෙසත් පොලිසිය රියදුරන්ට දන්වා සිටී. මේ වන විට වැලිමඩ - නුවරඑළීය ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කදු කඩා වැටී ඇති බැවින් රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිළීමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැණුම් දෙයි.

     

    Latest News