කාථානායක කරු ජයසුරිය බන්ධනාගාරයේදි පාඨලි හමුවේ

දෙසැ 21, 2019

    බන්ධනාගාර ගතකර සිටිනි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (21) දිනයේත් එජාප මන්ත්‍රීවරු පිරිසක් බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.

    එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර යන මහත්වරු සහ කතානායක කරු ජයසූරිය මහතා ද පැමිණි පිරිස වන බව අප වාර්තකර් පවසයි.

    ඊයේ දිනයේදි පාඨලි චම්පික මහතාගේ සුවදුක් විමසිමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් එහි ගියහ. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා ද ඒ අතර වේ. 

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාඨලී චම්පික රණවක මහතාව ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා (19) නියම කළේය.

    Latest News