ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ඔහු සඳහන් කළේ ලබන වසරේ සිට සේවකයින්ගේ අවම වැටුප යුරෝ සියයකින් ඉහළ නංවන බවයි. එසේම, අඩු ආදායම්ලාභී විශ්රාමිකයින් සඳහා යොජනා කර තිබූ කපා හැරීමට නියමිතයි.
තවද, අතිකාල දීමනා ආදායම්බදුවලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ජනාධිපතිවරයාගේ පොරොන්දු අතරවිය. සති ගණනාවක් පුරා පැවති උද්ඝෝෂණවලින් අනතුරුව ජනාධිපතිවරයා මෙම සහන ලබා දුන්නේය. ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ මෙම විරෝධතා ආරම්භ කෙරිණ.