ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද දින ප්‍රංශයේ මීළග නව අගමැතිවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
රට තුළ උද්ගතව ඇති දේශපාලනික අස්ථාවරත්වය යළි යථා තත්වයට පත් කිරීමට කඩිනමින් ගත් පියවරක් බවයි එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
හිටපු ප්‍රංශ අගමැති මිචෙල් බානියර් ඉකුත්දා ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් නෙරපා දැමීමෙන් දින 8 කට පසුව අද දින නව අග්‍රාමාත්‍යවරයා නම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පෝලන්ත සංචාරයක නිරතව සිටින ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සංචාරය කඩිනමින් නිමකර නැවත පැමිණීමෙන් අනතුරව මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන බවට එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
මාස 6 ක් තුළ ප්‍රංශය දෙවනවරටත් දේශපාලනික අර්බුදයකට මුහුණපාමින් ඔහුගේ රජය පෙරළා දැමීමට අන්ත දක්ෂිණාංශික සහ වාමාංශික පාර්ශවයන් හිටපු අගමැති බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජය වීමෙන් පසු අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවේ.
ඡන්දයකින් තොරව එරට අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිත කිරීමට එරෙහිවයි එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුයේ.
හිටපු අගමැති මිචෙල් බානියර් ඉකුත් සැප්තැම්බර් මස ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයේ පිහිටවු අතර ප්‍රංශයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවටයි ඔහු හඳුන්වන්නේ.