12ක් දිය යට සැඟවෙයි

සැප් 04, 2024
    එංගලන්තය සහ ප්‍රංශය අතර මුහුදු ප්‍රදේශයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මියගිය අය අතර, කාන්තාවන් සහ ළමයින්ද සිටින බවයි වාර්තා වන්නේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, බෝට්ටුවේ ගමන් කළ හැකි පිරිසට වඩා වැඩි පිරිසක් එහි සිට ඇති බවයි. අනතුරෙන්, තවත් දෙදෙනෙකු අතුරුදන් බව සඳහන්.
    මියගිය පිරිස අතර ගර්භනී කාන්තාවක සහ දරුවන් කිහිප දෙනෙකුද වනවා.
    බෝට්ටුවේ සිටි 50 කට වැඩි පිරිසක් ප්‍රංශ වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
    බෝට්ටුවේ සිටි අ‍යගෙන් අට දෙනෙකු පමණක් ජීවිතාරක්ෂක කබා පැළඳ සිට ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.

    Latest News