පෘථිවියේ සුපිරි පින්තූර ගන්න ඉන්දියාවෙන් චන්ද්‍රිකාවක්

නොවැ 28, 2019

    පෘථිවියේ ඉහළ ගුණාත්මක ඡායාරූප ලබාගත හැකි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. එය නම්කර තිබෙන්නේ කාර්ටොස්ට් ත්‍රී ලෙසයි.

    ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී හරිකොට්ටාහි පිහිටි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය මගින් ඊයේ චන්ද්‍රිකාව දියත් කර තිබේ. එරට නිෂ්පාදිත P.S.L.V-C47 යන රොකට්ටුව මගින් මෙම දියත් කිරීම සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ.

    ඊට අමතරව මෙම යානය මගින් තවත් නැනෝ චන්ද්‍රිකා 13ක්ද මේ සමග කක්ෂගත කෙරුණු බව, එම ඒජන්සිය පවසයි. මෙම චන්ද්‍රිකා පෘථිවි නිරික්ෂණ සහ සන්නිවේදන කටයුතු සිදුකරන අමෙරිකානු සමාගමකට අයත් ඒවා බවයි, සඳහන් වන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 09:23

    Latest News