කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන මිල දර්ශක දෙකම අද (06) ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළා.

අද (05) වාර්තාගත ලෙස කොළඹ කොටස් වෙළඳපොළෙහි සියලු කොටස් මිළ ඉහළ ගියේය. 

පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් ලංකා සතොස ආයතනයේ රුපියල් කෝටි 480ක වෙළෙඳාම් සිදු කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නව වසරේ පළමු දිනයේම සමස්ත මිල දර්ශකයේ වාර්තාවක් පිහිටුවමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට එක්ව තිබේ.

මේ දිනවල තම කර්මාන්තයෙන් වෙනත් කිසිඳු කාලයක නොලැබූ අයුරින්, ලාභ ලැබෙන බව කුඹල්ගැටේ කුඹල් කර්මාන්තයේ ජනතාව පවසයි. සැපයුම ලබාදීමට නොහැකි තරම්, තම නිෂ්පාදනවලට ඉල්ලුමක් පවතින බවයි එම ජනතාව පවසන්නේ.

කරුවලගස්වැව, තබ්බෝව ව්‍යාපාරයේ යල කන්නයේ ගොවීන් වගා කල මුං ඇට, රජය විසින් කිලෝ එකක් රුපියල් 455/= මුදලක මිලදී ගත් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජි විජේසිරි මහතා පවසයි.

ආණමඩුව - නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ සි/සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඉතාමත්ම සාර්ථක ලෙස සිදු කරනු ලැබූ කොම්පෝස්ට් ව්‍යාපෘතියේ මුල්ම කොම්පෝස්ට් තොගය වෙළදපොළට නිකුත් කිරීම සඳහා නවගත්තේගම සමූපකාරයට භාරදීම අද සිදුකෙරිණ.

ඉකුත් මාස 11ක කාලය තුළ ශ්‍රී ලංකාව අපනයන ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි දෙලක්ෂ 25,700ක් උපයා ඇති බව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

චීනයේ ශැංහයි නගරයේ සාර්ථකව පැවැත්වෙන් සිව්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ව්‍යවසායකයෝ 62කට අධික පිරිසක් සිය නවතම නිෂ්පාදන 100ක් පමණ එළිදැක්වීමට එක්ව සිටිති.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම වාර්තාව නැවත වරක් අලුත් කරමින් මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය ඊයේ (29) වර්තා කළේය.

'කොවිඩ් 19' වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද,පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන Q-shop දාම වෙළෙඳසැල් ජාලයේ නවතම ශාඛාව කොටුව දුම්රිය ස්ථානය අසලදී අද දින මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඇපල් සමාගම, නව මාදිලි රැසකින් සමන්විත නිෂ්පාදන පෙළ හදුන්වා දීම ඊයේ සිදුකළා. ' iPhone 13' ලෙසින් හැඳින්වෙන මෙම නිෂ්පාදන පෙළට, iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro, iPhone 13 Pro Max, ඇපල් වොච් සීරීස් 7, නව සාමාන්‍ය අයිපෑඩ් සහ නවතම අයිපෑඩ් මිනි අයත් වෙයි.

130 වැනි චීන ආනයන - අපනයන ප්‍රදර්ශනය හෙවත් 'කැන්ටන්' ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 15 වැනිදා චීනයේ  ගුවාංෂු (Guangzhou) නගරයේ දී ආරම්භ වීමට නියමිතයි. 

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරට ආර්ථිකය පසුබෑමට ලක්වුව ද ඩොලර් සංචිත වටිනාකම් අමෙරිකානු ඩොලර් කෝටි 93.7කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර තිබේ.

'කොවිඩ් 19' වසංගත තත්වය ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ ඩොලර් බිලියනයක් ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

සම්පත් බැංකුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් පසුගියදා හඳුන්වා දුන්නේය.

ලංකා බැංකුව ගතවූ වසරේ සියයට 28ක වර්ධනයක් අත්කරගෙන ඇතැයි, එහි සභාපති කාංචන රත්වත්තේ මහතා පවසයි. බැංකුවේ 82 වැනි සංවත්සර උත්සවයේ දී ඔහු ඊයේ මේ බව කියා සිටියේය.

දිය මත ලිස්සා යාමේ වැඩසටහන (surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

Latest News