ටයිටනික් නැවේ අලුත්ම තොරතුරු

සැප් 02, 2024
    මීට වසර 100 කට පමණ පෙර මුහුදුබත්වූ ටයිටනික් නෞකාව මේ වන විට බොහෝ සෙයින් දිරාපත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

    නෞකාවේ කොටස් රැසක් දැඩි ලෙස මලකෑමට ලක්ව ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

    1912 අප්‍රේල් මස අයිස් පර්වතයක ගැටීමෙන් මෙම නෞකාව මුහුදු බත් වුණා. ඒ, ජීවිත 1500 ක් බිලි ගනිමින්.
    ඊට වසර ගණනාවකට පසු ටයිටනික් නෞකාවේ සුන්බුන් සොයා ගැනුණේ, අත්ලන්තික් සාගරයේ මීටර 3800 ක් ගැඹුරේ තිබියදී.
    2022 වසරේ මුල් භාගයේ සිදු කෙරුණු නවීනතම ස්කෑන් පරීක්ෂණයකින් සොයාගනු ලැබුවේ, නෞකාවේ හැඩය ඒ වන විටත් බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි.
    ටයිටනික් නෞකාව තවත් කොපමණ කාලයක් මේ ආකාරයෙන් පවතීද යන්න සැක සහිත බව පර්යේෂකයින් පවසනවා.
     

    Latest News