නැවත ටයිටැනික් සොයායන්න සැරසෙන ට්‍රයිටන්

මැයි 29, 2024

    පසුගිය වසරේ Ocean Gate Titan පුපුරා යාමත් සමග සබ්මර්සිබල් (submersible) නිෂ්පාදනයට මරු පහරක් එල්ල වුනා.

    Ocean Gate යාත්‍රාව පුපුරා යාමෙන් පස් දෙනෙකු මිය ගියා.

    ට්‍රයිටන් සබ්මැරීන් හි සම-නිර්මාතෘ පැට්‍රික් ලාහේ සහ වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත ලැරී කොනර් විසින් නැවතත් මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව ගවේශණයේ යෙදීමට සැරසෙනවා. ඔවුන් පවසන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ මුහුදු බත් වූ නැව සමීපයට යාමට මීටර් 3,800 (අඩි 12,467) ක පමණ ගැඹුරකට සබ්මර්සිබලයක් ගෙන යා යුතු බවයි.

    පැට්‍රික් සහ ලැරී විසින් යෝජිත ගවේෂණය Triton 4000/2 Abyssal Explorer ලෙස නම් කර ඇති අතර ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන Triton සබ්මර්සිබලය මීටර් 4000 කට වඩා වැඩි ගැඹුරු මුහුදේ ආරක්ෂිතව යෙදවිය හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

    Ocean Gate නිර්මාණය කළ Titan සබ්මැරීනය කාබන් ෆයිබර් වලින් සාදන ලද අතර එය සහතික කර තිබුණේ ගැඹුරු මුහුදේ මීටර් 1,300 ක් දුරක් දක්වායි.

    2023 ජුනි මාසයේදී ටයිටැනික් සුන්බුන් වෙත සංචාරයක යෙදී සිටියදී යාත්‍රාව පුපුරා ගියේ OceanGate හි ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ්, ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, ඔහුගේ පුත් සුලේමන්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හමිෂ් හාඩින්, ප්‍රංශ ජාතික පෝල්-හෙන්රි නාර්ජෝලට් හට ජීවිත අහිමි කරමින්.

    යෝජිත මුහුදු ගමන සිදුවනු ඇත්තේ ට්‍රයිටන් යාත්‍රාව සමුද්‍ර සංවිධානයක් විසින් සම්පූර්ණයෙන් සහතික කළ පසු පමණක් බව ගවේශකයෝ පවසනවා.

    Latest News