පිපිරීමට පෙර අවසන් පණිවිඩය

සැප් 17, 2024

    ටයිටැනික් ගවේශණයේ යෙදුනු ටයිටන් සබ්මර්සිබලය පුපුරා යාමට පෙර නිකුත් කළ අවසන් කෙටි පණිවිඩය අනාවරණය වී තිබෙනවා.

    "මෙහි සියල්ල හොඳයි" යනුවෙන් එහි සඳහන් වනවා. අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයින් පවසන්නේ ගොඩබිමත් සමග සම්බන්ධතාවය ගිලිහී යාමට පෙර නිකුත් කළ අවසන් පණිවිඩය මෙය බවයි.

    ටයිටන් සබ්මර්සිබලයේ සිටි කාර්ය මණ්ඩලය පෝලර් ප්‍රින්ස් නම් ආධාරක නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සමඟ කෙටි පණිවිඩ මගින් සන්නිවේදනය කරමින් සිට තිබෙනවා.

    ටයිටන් පුපුරා යාම පිළිබඳව වෙරළාරක්‍ෂක විමර්ශන විභාගයක් ආරම්භ කර ඇති අතර ඊයේ OceanGate ආයතනයේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයා වන ටෝනි නිසාන් ඊයේ සාක්ෂි දෙමින් කියා සිටියේ යාත්‍රාව ගැඹුරු මුහුදේ කිමිදීමට සූදානම් කරන ලෙස තමාට බලපෑම් කළ බවයි.

    මීට පෙරද කිහිප වතාවක් යාත්‍රාව ගැඹුරු මුහුදේ පර්යේෂණ සඳහා කිමිදීමට සූදානම් කරන ලෙස ඉල්ලා සිටියද තමා ඒ සඳහා අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළ බව හෙතෙම නඩු විභාගයේදී පවසා සිටියා.

    2023 ජූනි මස 18 වනදා සාගර පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13000ක් ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානය පුපුරා යාම හේතුවෙන් එය නිර්මාණය කළ OceanGate ආයතනයෙහි ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ්, ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, ඔහුගේ පුත් සුලේමන්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හමිෂ් හාඩින්, ප්‍රංශ ජාතික පෝල්-හෙන්රි නාර්ජෝලට් හට ජීවිත අහිමි වුනා.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 17:31

    Latest News