කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

සැප් 03, 2024
    කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා.

    ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන්.

    සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළාය.

    Latest News