ගෙන් ගෙට ඡන්ද කාඩ් බෙදාහැරීම අද සිට

සැප් 03, 2024
    ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා අද (03) සිට නිවෙස් වෙත බෙදාහරින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව, ලබන 14 වැනිදා දක්වා ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද පත්රිකා බෙදාහැරීමට නියමිතයි.

    ඊට අමතරව ලබන 8 වනදා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇති බවයි, නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.
     
    ලබන 14 වැනිදා වන විට සිය ඡන්ද පත්රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට එය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවද ඔහු පවසනවා.
     
    මේ අතර ජනාධිපතිවරණය අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (04) සිට ආරම්භ වනවා.
     
    ඒ අනූව දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේ සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
     
    ලබන 5 සහ 6 රාජ්ය ආයතනවල හා හමුදාවන්හි කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සළකුණු කිරීමට දින වෙන්කර තිබෙනවා.
     
    ඉහත දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 වැනිදා හා 12 වැනිදා සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2024 09:28

    Latest News