ජනපති කොළඹ අගරදගුරු හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

සැප් 24, 2024
    නව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

    බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ.

    එහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්රී ලංකාව තුළ අවශ්යම වෙනසක් ඇති කිරීමේ භාරදූර වගකීම එතුමාගේ කර මතට රටේ ජනතාව විසින් පවරා ඇති බවත් ඒ සඳහා සම්පූර්ණ සහයෝගයත්, ආශිර්වාදයත් ලබාදෙන බවත් සඳහන් කර තිබෙනවා.

    Latest News