හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම කළා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී රැස්වීම්වලට සහභාගී වන අතරතුර බවත් එම ක්‍රියාව තුළින් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතාවට ලක් කර තිබෙන බවත් නීතිපතිවරයා ඊයේ (27) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළා.
නීති විරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී වාහන පහක් ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
රුපියල් කෝටි 07 කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු  මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ අදාළ මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේදී වැඳ සමාව ගත්තා.

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන දේව ගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඉකුත් වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 21දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Latest News