චීනය කැළඹූ මාරක අනතුර

සැප් 03, 2024
    චීනයේ සිදුවූ පාසැල් බස් රථ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
    මෙම බස් රථය පාසැලක් ඉදිරිපිට රැස්ව සිටි පිරිසක් යටකරමින් ධාවනය වීමෙන්, අනතුර සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.
    චීනයේ "ෂැන්ඩොං" පළාතේ "තායියාන්" නගරයේ පිහිටි පාසැලක් ඉදිරිපිට රැස්ව සිටි සිසුන් සහ දෙමාපියන් පිරිසක් වෙතට පාසැල් බස් රථයක් එක්වරම ධාවනය වීමෙන් අනතුර සිදු වුණා.
    අනතුරින් කිහිප දෙනෙකු තුවාල ලැබුවා. මියගිය අය අතර සිසුන් පස් දෙනෙකු සිටින බවයි, වාර්තා වන්නේ.
    රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බව, එරට මාධ්‍ය පවසනවා.

    Latest News