ලෙබනනය තවත් ගාසා තීරයක් වන ලකුණු

සැප් 24, 2024
    ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට ඊශ්‍රායල එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් 492 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
    වසර 20 කට පමණ පසු ලෙබනනයෙන් ඊයේ ඉහළම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
    හිස්බුල්ලා ඉලක්ක 1,300 කට පහර දුන් බව, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.
    පවුල් දහස් ගණනක් තම නිවෙස්වලින් පලා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
    ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මියගිය අය අතර ළමුන් 35 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු සිටින බවයි. 1,645 දෙනෙකු තුවාල තිබෙනවා.
    මියගිය අය අතර සිවිල් වැසියන් හෝ සටන්කරුවන් කවුරුන්ද යන්න තහවුරු වි නැති බවයි, වාර්තා වන්නේ.
    ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පවුල් දහස් ගණනක් ද අවතැන් වී ඇති බවයි. හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200 ක් පමණ එල්ල කර තිබෙනවා.
    එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් උග්‍රවන තත්වය ගැන අනතුරු ඇඟවූ අතර ලෙබනනය "තවත් ගාසා තීරයක් බවට පත් නොවිය යුතු බව, කියා සිටියා.

    Latest News