ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක් උද්ගතව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.
එක්සත් රාජධානිය, ඊශ්‍රායලයට යුද උපකරණ විකිණීම සීමා කර තිබෙනවා.
හමාස් සංවිධානය, ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමෙන් පසු ඊශ්‍රායලය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා.
ගාසා තීරයේ දරුවන් සදහා පෝලියෝ එන්නත ලබාදීමේ පුළුල් වැඩසටහනෙහි පළමු අදියර අද ආරම්භ කරන බව, ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පවසනවා.
පෝලියෝ රෝගයට එරෙහිව දරුවන්ට එන්නත් කිරීම සඳහා ඉඩ සැලසීම සඳහා ගාසා තීරයේ "මානුෂීය විරාම" මාලාවකට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා වූ ඇමරිකානු යෝජනාවකට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එකඟ වී තිබෙනවා.

‍ගාසා හි ළමා අරමුදලට ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්‍ෂ අනූදහසක මුදලක්, නිල වශයෙන් පලස්තීන රජයට බාරදීම ඊයේ සිදුකෙරුණා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේ 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.
ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන "ඛාන් යුනිස්"හි නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන පලස්තීනුවන්ට එම ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.

Latest News