"බොරිස්" මධ්‍යම යුරෝපෙට රිංගයි

සැප් 20, 2024
    ‍"බොරිස්" සුළි කුණාටුව මධ්‍යම යුරෝපා කලාපයේ පැතිර යෑමත් සමඟ ඇතිව තිබෙන ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.

    මේ වනවිට ඉතාලියේ ඊසාන සහ මධ්‍යම ප්‍රදේශවලට ඉන් දරුණු බලපෑම් එල්ල වී තිබෙනවා.

    ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ ගංවතුර බලපෑම හේතුවෙන් දහසකට අධික පිරිසක් ඉවත් කොට තිබෙනවා.
    බොහෝ මාර්ග ගංවතුර තත්වයෙන් වැසී ‍ගොස් ඇති අතර, ගමනා ගමන කටයුතු මෙන්ම විදුලි විසන්ධිවීම් රැසක්ද වාර්තා වී තිබෙනවා.
    මධ්‍යම කලාපයේ නගර රැසකින් අවතැන් වු පිරිස් මෙන්ම දේපල හානි රැසක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
    ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශවලට ආධාර කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෝලන්තය, චෙක් ජනරජය, ස්ලෝවැකියාව හා ඔස්ට්‍රියා යන රටවල නායකයින් අතර හමුවක් ඊයේ දිනයේ පැවැත්වුවා.

    Latest News