ඇන්ටාර්ක්ටිකාව කොළ පැහැයට හැරෙයි

ඔක් 08, 2024

    ඇන්ටාක්ටිකාව පෘථිවියේ ශීතලම ස්ථානයයි. මේ වන විට මහාද්වීපය පුරා ශාක හා පාසි පැතිරීමට පටන් ගෙන ඇති අතර පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ ශාක ආවරණය දස ගුණයකින් වැඩි වී ඇත.

    කාලගුණ විපර්යාසයන් හි ප්‍රථිඵල ලෙස උෂ්ණත්වය අංශක 10 කින් පමණ ඉහල යාම මෙයට බලපා ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.

    1986 දී වර්ග කිලෝ මීටර් 1 කට වඩා අඩු ප්‍රමාණයක පැවති ශාක ආවරණය 2021 සිදු කළ ගණනය කිරීම් අනුව ව.කි.මී 12.94 දක්වා ඉහල ගොස් ඇත.

    එමෙන්ම වසරක් පාසා මෙම ව්‍යාප්තිය වේගවත් වෙමින් 2016 සිට 2021 දක්වා 30% කින් වර්ධනය වී ඇත.

    2021 වසරේදී ප්‍රථම වරට වර්ෂාපතනයක් වාර්තා වූ ආක්ටික් කලාපයද මෙම හරිතකරණයට ලක්ව ඇත.

    එමෙන්ම පෘථවියේ වියළිම ස්ථාන වලින් එකක් වන සහරා කාන්තාර ප්‍රදේශයේද ශාක ආවරණය වර්ධනය වී ඇති බව පරිසර චන්ද්‍රිකා ඡායාරූප හා දර්ශන මගින් විද්‍යාඥයින් විශ්ලේෂණය කර ඇත.

    විද්‍යාඥයින් පවසන්නේ මෙය අහිතකර තත්වයක් බවයි.

    Latest News