තවත් ගාසා තීරයක්ද?

ඔක් 09, 2024
    ගාසා තීරයේ සිදුව ඇති සෝචනීය තත්වයක්, ලෙබනනයේද ඇති නොවීමට වගබලාගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඊශ්‍රායලය සමග දීර්ඝකාලීන යුද්ධයක් ඇතිවීම වලක්වා ගන්නා ලෙසද ඔහු ලෙබනන් ජනතාවට දැනුම් දෙනවා.

    ඊශ්‍රායල හමුදාව මේ වන විට නිරිතදිග ලෙබනනයේ භූමි ආක්‍රමණය පුළුල් කර තිබෙනවා.
    හිස්බුල්ලා සංවිධානයට එරෙහි මෙහෙයුම් තීව්‍ර කිරීම එහි අරමුණයි.
    ලෙබනන් ජනතාව අමතමින් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, හිස්බුල්ලා සංවිධානයේ නායකයින් සොයා මෙහෙයුම් දැඩි කර ඇති බවයි.

    Latest News