තුර්කියේ ත්‍රස්තයෝත් වැඩ අරඹයි

ඔක් 24, 2024

    තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ගුවන් සේවා සමාගමේ "දොරටුව" අසලට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු ආරක්‍ෂක කැමරාවක සටහන්ව තිබුණා. මෙය කුර්දි "පී කේ කේ" කැරලිකාරි කණ්ඩායම සිදු කළ බවටයි, තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    උතුරු ඉරාකය සහ උතුරු සිරියාවේ "කුර්දි" කැරලිකාරි කණ්ඩායමේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවද තුර්කිය ප්‍රකාශ කරනවා. ප්‍රහාරයේ වගකීම කිසිඳු කණ්ඩායම් මෙතෙක් බාර ගෙන නැහැ.

    Latest News