අකුරු අහිමි දරුවෝ ලක්ෂ 6ක්

සැප් 09, 2024
    ගාසා තීරයට එල්ලවන ප්රහාර හේතුවෙන් පාසල් ළමුන් ලක්ෂ 6කට වැඩි පිරිසකට මේ වසරේ දෙවැනි පාසල් වාරය ද අහිමි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.

    මින් බොහෝ දරුවන් නැවත පාසැල් නොඑනු ඇති බවයි ඔව්න් බලධාරීන් අනුමාන කරන්නේ.

    2023 පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ සිසුන් 630,000කට වැඩි පිරිසකට අධ්යාපනය ලැබීමේ අයිතිය අහිමි කර ඇති බවයි පලස්තීන අධ්යාපන බලධාරීන් චෝදනා කරන්නේ.
     
    පළමු ශ්රේණියට සිසුන් 58,000ක් ඇතුළත් වී අද පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. සිසුන් 39,000 කට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.
     
    ප්රහාර හේතුවෙන් සිසුන් 10,000කට වැඩි සංඛ්යාවක් ඇතුළුව ඊශ්රායල ප්රහාරවලින් ළමුන් 25,000කට වඩා මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි පලස්තීනය පවසන්නේ.
     
    රජයේ පාසල් ගොඩනැගිලි වලින් සියයට 90 ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ. ඊශ්රායලයේ බෝම්බ හෙලීම නිසා මධ්යම සහ දකුණු ගාසා තීරයේ ජංගම දුරකථන සහ අන්තර්ජාල ඇනහිටීම් ඇති වී තිබෙනවා.
     
    ගාසා තීරයට එරෙහිව ඊශ්රායලයේ යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 40,972 ක් මිය ගොස් 94,761 ක් තුවාල ලබා ඇත.
     
    ඊශ්රායලයේ, ඔක්තෝබර් 7දා හමාස් විසින් මෙහෙයවන ලද ප්රහාරවලින් මියගිය සංඛ්යාව අවම වශයෙන් 1,139ක් වන අතර, පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ප්රාණ ඇපයට ගනු ලැබුවා.

    Latest News