කුසගින්නෙන් තැවෙන ජීවිත

නොවැ 19, 2024
    ගාසා තීරයේදී කොල්ලකරුවන් පිරිසක් එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ කිහිපයක් කොල්ලකා තිබෙනවා.
    මෙය සිදුව ඇත්තේ ලොරි රථ 109 කින් ආහාර රැගෙන යමින් තිබියදී.
    කොල්ලකරුවන් ලොරි රථවල රියැදුරන්ට ආයුධ පෙන්වා බියගන්වා රථ 109 න් 97 ක් පැහැරගෙන ගොස් තිබෙනවා.
    සිද්ධිය දුටුවන් පැවසුවේ වෙස්මුහුණු පැළඳගත් පිරිසක් තුවක්කු අතැතිව, අත්බෝම්බ ප්‍රහාර එල්ල කර ලොරි රථ පැහැරගත් බවයි.
    ඊශ්‍රායල පාලනය යටතේ පවතින දකුණු ගාසා තීරයේ කෙරම් ශාලෝම් ප්‍රදේශය හරහා රථ පෙළ ගමන් කර තිබෙනවා.
    එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ, ගාසා තීරයේ සාමය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් පවතින තත්වය ඉතා ඛේදනීය බවයි.
    මානුෂීය ආධාර මත යැපෙන ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණපා සිටින බව එම සංවිධානය ප්‍රකාශ කොට තිබෙනවා.

    Latest News