පාප් වහන්සේගෙන් පණිවුඩයක්

මාර් 07, 2025
    රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින අති උතුම් ශුද්ධෝත්තම ‍‍ෆ්රැන්සිස් පාප්වහන්සේගේ වත්මන් සෞඛ්ය තත්වය යළි ස්ථාවර වී ඇති බව, වතිකානය ප්රකාශ කරනවා.

    උන්වහන්සේට පූර්ණ සුවය ප්රාර්ථනා කරමින්, යාඥාවන්ට එක්වූ ලොව පුරා කිතුණු බැතිමතුන්ට සිය කෘතඥතාව පළ කරමින්, ශුද්ධෝත්තම පාප්වහන්සේ පණිවුඩයක් ද නිකුත්කර තිබෙනවා.

    රෝමයේ "ගෙමෙල්ලි" රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ‍‍ෆ්රැන්සිස් පාප්වහන්සේගේ වත්මන් සෞඛ්ය තත්වය ඉකුත් දින කිහිපයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව, වතිකානය ප්රකාශ කරනවා.
    උන්වහන්සේට තවදුරටත් ශ්වසන අපහසුතාවක් නොමැති බවයි, වාර්තා වන්නේ.
     
    උන්වහන්සේට මෙතෙක් සිදු කළ වෛද්ය ප්රතිකාර අඛණ්ඩව සිදුකරන බවද සඳහන්.
     
    ශුද්ධෝත්තම ‍‍ෆ්රැන්සිස් පාප්වහන්සේට සිදු කළ නවතම රුධිර පරීක්ෂණ ප්රතිඵලද ස්ථාවරව පවතින බව, වතිකානය කියා සිටිනවා.
     
    මේ අතර, ශුද්ධෝත්තම ‍‍ෆ්රැන්සිස් පාප්වහන්සේට පූර්ණ සුවය ප්රාර්ථනා කරමින්, ශාන්ත පීතර චතුරස්රයෙහි සිදු කෙරෙන යාඥාවන්ට එක්ව සිටින සහ ලොව පුරා යාඥා සිදු කරන කිතුණු ප්රජාව වෙත සිය කෘතඥතාව පළ කරමින් උන්වහන්සේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
     
    සියලු ප්රජාව වෙත දේව ආශිර්වාදය ප්රාර්ථනා කරමින් උන්වහන්සේගේ ස්පාඤ්ඤ භාෂාවෙන් පටිගත කරන ලද පණිවුඩය රෝමයේ ශාන්ත පීතර චතුරස්රයේ දී විකාශය කෙරුණු බවයි, වාර්තා වන්නේ.

    Latest News