ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස බටහිර රටවල් රැසක් ඊශ්රායලයෙන් ඉල්ලා තිබෙනවා. ජර්මනිය, ප්රංශය සහ එක්සත් රාජධානියේ විදේශ ඇමතිවරු ඊයේ ඒකාබද්ධ ප්රකාශයක් නිකුක් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු ගාසා තීරයට එල්ල වන ඊශ්රායල ප්රහාර හමුවේ පලස්තීනුවන් දහස් ගණනක පිරිසක් රෆා පිවිසුම් ප්රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, මේ වන විට එම ප්රදේශයට ආහාර සහ විදුලිය නොමැති අතර, ජනතාව උග්ර ජල හිගයකටද මුහුණපා සිටින බවයි.
ඊශ්‍රායල හමුදා ඊයේ දකුණු ගාසා තීරයේ දැවැන්ත ගොඩබිම් ප්‍රහාර රැසක් සිදු කොට තිබෙනවා. ඉකුත් ඔක්තෝබර් මස ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දින සිට මෙතෙක් සිදු කළ දරුණුතම ප්‍රහාරක දිනය මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකිකයන් 4 දෙනෙකු, නිරුපද්රිතව පසුගියදා මෙරටට පැමිණියා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය, ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සලසනු ලැබුවා.
මේ වන විට ළමයින් සඳහා ලොව භයානකම ස්ථානය ගාසා තීරය බව, ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කරනවා.
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය සමග ගිවිසුමකට එළඹීමට ඊශ්රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින හමාස් සංවිධානයේ ක්රිෂයාකාරීන්ට එරෙහිව හමුදා මෙහෙයුම් දැඩි කරන බව ඊශ්රාායලය පවසනවා. ඊශ්රාායල හමුදා ප්රහහාරවලින් රෝගීන් සහ එහි අවතැන්ව සිටින පිරිස් දැඩි භීතියට පත්ව සිටින බවයි වෛද්යහවරුන් පවසන්නේ.

ගාසා නගරයේ අල් ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්රිායාත්මක නොවන බව ලෝක සෞඛ්යෝ සංවිධානය පවසනවා. රෝහල අවට ප්ර.දේශය නිරන්තරයෙන් වෙඩිතැබීම් සහ බෝම්බ ප්ර්හාර එල්ල වීම හේතුවෙන් අවදානමක් තත්වයක පවතින බවයි එම සංවිධානය කියා සිටින්නේ.
උතුරු ගාසා තීරයේ දෛනිකව පැය 4 ක කාලයක් ප්රහාර නැවැත්වීමේ ක්රියාමාර්ගයකට ඊශ්රායලය එකඟවී ඇතැයි අමෙරිකාව පවසනවා. ධවල මන්දිරය ප්රකාශ කරන්නේ, එමගින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිතව ඉන් ඉවත්ව යාමට අවස්ථාව සැලසෙන බවයි.

ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.

Latest News