ඊශ්රායලය, ගාසා තීරයට ගොඩබිම් ප්රහාර එල්ල කිරීමත් සමග පලස්තීනු සාමාජිකයන් ගාසා නගරයෙන් පලා යමින් සිටිනවා.

සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වුවද ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර ඊයේ දිනයේත් ගැටුම් හටගෙන තිබේ.

ගාසා තීරයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය පිරිස තිස් දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, පලස්තීනය පවසන්නේ.

ඊශ්‍රායල හමුදාව,ගාසා තීරයට ඊයේ දිනයේත් රොකට් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ පලස්තීන හමුදාව ඉලක්ක කරගෙන.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ජිහාඩ් සන්නද්ධ අංශ නායක බහා අබු අල් - අටා මිය ගොස් තිබේ. පලස්තීනයෙන් එල්ල වන රොකට් ප්‍රහාරයන්ට ඔහු වගකිව යුතු බවයි, ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

ඊශ්‍රායලය, පලස්තීන ගාසා තීරයට පිවිස සිදු කළ රහසිගත හමුදා මෙහෙයුමකින් හමාස් සටන්කාමි නායකයෙකු හා ඔහුගේ අනුගාමිකයන් 6 දෙනෙකු මියගියා.

Latest News