යුද ගැටුම් හා ප්‍රචණ්ඩත්වය හමුවේ බැට කන ළමුන්

දෙසැ 29, 2024

    යුනිසෙෆ් ආයතනයේ නවතම ඇස්තමේන්තු ගත කිරීම් අනුව ‍ලෝකයේ ළමුන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු ලොව පුරා ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත්වන බව වාර්තා වනවා.

    එම ආයතනය මේ බව සඳහන් කළේ, ලොව පුරා මේ වනවිට පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අතරතුරයි‍.

    යුනිසෙෆ් ආයතනයේ නිලධාරින් පෙන්වා දෙන්නේ, ගාසා - ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් ළමුන් 17,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

    දත්ත වාර්තාවලට අනුව 2023 අවසන් වනවිට යුද ගැටුම් හා ප්‍රචණ්ඩත්වය හමුවේ ළමුන් මිලියන 47යි දශම 2ක් අවතැන් භාවයට පත්ව තිබෙනවා.

    යුද ගැටුම් පවතින ස්ථානවල පසුවන දරුවන්ට වඩා යහපත් වතාවරණයක් පවතින දරුවන්ගේ විශාල වෙනස්කම් දැකගත හැකි බවද යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙනවා.

    යුද ගැටුම් ප්‍රදේශවල දරුවන් කායිකව මෙන්ම මානසිකවද පසුවන්නේ දැඩි පීඩාවකට ලක්වයි.

    මෙය ඉතා ඛේදජනක තත්වයක් බවත් එය වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බවත්, යුනිසෙෆ් ආයතනය අවධාරණය කරනවා.

    Latest News