රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

ජන 06, 2025
    විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

    කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු, ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජුව වෙලාවක් වෙන් කරගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

    එ​ය පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බවත් ඒ අනූව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවද එහි සඳහන්.
     
    01New
    02New
     
    03New
    04New
    05New
    06New
    07New
    08New
    09New
    10New
     

    Latest News