ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ.
අදාළ වේලාවන් පහතින්,
- ඒ අනුව විශේෂ දුම්රිය 01 - කොළඹ කොටුව සිට බදුල්ල දක්වා
කොළඹ කොටුවෙන් පිටත්වීම - රාත්‍රී 07.30 ට
ධාවනය කරනු ලබන දින - 2025 ජනවාරි 10,12,14,17,19,24,26,31 සහ පෙබරවාරි 02,04
- විශේෂ දුම්රිය 02 - බදුල්ල සිට කොළඹ කොටුව දක්වා
බදුල්ලෙන් පිටත්වීම - රාත්‍රී 07.40 ට
ධාවනය කරනු ලබන දින - 2025 ජනවාරි 10,12,14,17,19,24,26,31 සහ පෙබරවාරි 02,04
- විශේෂ නගරාන්තර දුම්රිය (4021/4022) - කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර
කොළඹ කොටුවෙන් පිටත්වීම - අළුයම 05.30 ට
කන්කසන්තුරෙන් පිටත්වීම - දවල් 01.50 ට
ධාවනය කරනු ලබන දින - 2025 ජනවාරි 10,13,14,15,17,20,24,27,31 සහ පෙබරවාරි 03,04
.