තැපෑලට ඉස්පාසුවක් නෑ

ඔක් 23, 2024
    ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

    අද (23) සිට නොවැම්බර් මස 14 වනිදා දක්වා නිවාඩු අවංගු කිරීම සිදුකර ඇති බවයි, නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

    කෙසේ වෙතත් කිසියම් අසනීප තත්ත්වයක් හෝ අත්යාවශ්ය කටයුතක් සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්ය නම් පළාතේ නියෝජ්ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීමේ හැකියාව පවතිනවා.
     
    මහ මැතිවරණයට අදාළව ලියාපදිංචි තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (23) දිනයේ සිදුකිරීමට නියමිතව බවයි, නියෝජ්ය තැපැල්පතිවරයා පවසන්නේ.

    Latest News